ගොනිකා කොළ කැද සාදා ගැනීම:-
පැකට්ටුවෙ ඇති ගොනිකා කොළ කුඩු,
පොල් කිරි ස්වල්පයක්
සුදු ලූණු, අමු ඉගුරු,
ලුණු ස්වල්පයක්,
පැකට්ටුවෙ කොටා ඇති මා වි/කලු හීනැටි සහල් ස්වල්පයක්,
සාදා ගන්නා ආකාරය -
පැකට්ටුවෙ කොටා ඇති හාල් ටික කැපු සුදු ලුනු ගෙඩි දෙක තුන සහ අමු ඉගුරු, පොල් කිරි දමා ලිප තබා බත හොදට කැඳ ආකාරයට බෙරිවෙන්න උයා ගන්න. අවශ්‍ය පරිදි ලුණු ස්වල්පයක් දමන්න (මා වි/කලු හීනැටි සහල් ග්‍රෑම්10ට ගොනිකා කොළ කුඩු ග්‍රෑම්1යි)
පසුව පැකට්ටුවෙ ඇති ගොනිකා කොළ කුඩු එක්කර කොළ පැහැය වෙනස්වන තුරු නොසිට දුම් නැගී එනවිට බිමට ගෙන ලුණු එකතු කර මද වේලාවක් හැඳි ගා පානය කරන්න.
Psychotria sarmentosa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොනිකා හෙවත් ගොනුකෑ කොළ වලට මෙම නාමය ලැබී ඇත්තේ ගවයෙකු ප්‍රපාතයකට ඇඳ වැටුණු අවස්ථාවක මෙම වැලක් ඇඳ ආහාරයට ගැනීමෙන් සුවපත් වූ බව පැවසෙන බැවිනි.
🍃 ගොනික සුදු පැහැති පුෂ්ප මංජරියක් සහිත වන අතර පත්‍ර මාංශල ගුණ සහිතයි.
💐මොනවා ද මේ ගොනිකා කොළ සතු ගුණ.......?
🌸 කැල්සියම් වලින් ඉතා ඉහළ ප්‍රභවයක් වන ගොනික කොළ විටමින් A,B,C,D,E වලින් මෙන්ම පොස්පරස් සහ ප්‍රෝටීන වලින්ද පොහොසත්ය.
🌸මෙය ඉතාම හොඳ වේදනා නාශකයකි. තැලුම් රිදුම් වලට ඉක්මනින් සහනය සළසා දේ. ගොනික කොළ කැඳ මෙයට ඉතාම හොඳ ඔසු පානයකි.
🌸වාත රෝග සමනය කරයි.
🌸සිරුරේ අධික මේදය දහනය කරවයි.
🌸මානසික ආතතිය නැති කිරීමේ ගුණ සහිතයි.
🌸සිරුරේ මාංශපේශි ලිහිල් කරවයි.
🌸ස්නායු රොග ඇතිවීම පාලනය කරවයි. අමතක වීම අවම කරවයි. මතක ශක්තිය වැඩිදියුණු කරයි.
🌸මානසික රෝග ඇති වීම අවම කරවයි.
🌸මුත්‍රා රෝග වලට සුව ගෙන දේ.
🌸බොහෝ දෙනෙකු අපහසුතාවයට පත් වන රාත්රියේදී නොදැනී මුත්‍රා පිටවීමේ රෝගයට සුව ගෙන දේ.
🌸රුධිරගත සීනි මට්ටම පාලනය කර දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.
🌸ඇස් පෙනීම වර්ධනය කරවයි. අක්ෂි රෝග අවම කරවයි.
🌸මළ බද්ධය ඇති වීම අවම කරයි.
🌸හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කරවයි.
🌸කැල්සියම් ඉහළ ප්‍රභවයක් බැවින් ඔබේ අස්ථි පද්ධතිය ශක්තිමත් කරවීමට බොහෝ සෙයින් දායක වේ. ගෙවී ගිය කාටිලේජ නැවත වර්ධනය කරවයි.
🌸වියපත්ව ගෙවී යන සන්ධි නැවත ප්රතිවර්ධනය කරවයි.
🌸දරු උපතකදී මවට පහසව සැළසීමට ගොනිකා පානය ලබා දේ.
🌸ඔස්ටියෝ පොරෝසිස් රෝගයට ගුණ ගෙන දේ.
🌸අහාර ජීරණයේ ඇති වන අපහසුතා මඟහරවයි.
🌸ආතරයිටීස් වලට එරෙහිව ප්‍රතිදාහ ගුණ සතුය.
🌸ඉඳීමීම් තත්ව සුව කිරීමය හැකියාවක් ඇත.
🌸පිළිකානාශක ගුණ සහිතය.
🌸බඩ පිපීම, බඩේ අජීර්ණ වලට ගුණදායකයි.
සිංහල බෙහෙතට කලුහීනැටි කරපිංචා කැඳ
ගැස්ට්‍රයිටිස් එහෙමත් නැත්නම් ආමාශයික ප්‍රදාහය කියන්නේ සෑහෙන අවුල් ලෙඩක්. මේකත් විලාසිතා පන්නයේ බෝ නොවෙන ලෙඩක්, සරලවම කිව්වොත් ආමාශයේ අම්ල ගතිය වැඩි වීම නිසා ඇති වෙන සංකූලතා මේ විදියට හඳුන්වන්න පුළුවන්. මේ ආම්ලික ගතියත් එක්ක කෑම උගුරට එන එක, බඩ පුරවා දැමීම, හිස කැක්කුම වගේ අපහසුතා ඇති වෙනවා. ආමාශයේ තියෙන අම්ල ආහාර ජීර්ණයට උදව් වෙනවා. ආමාශයේ තියෙන බිත්තිවල මේ අම්ලය නොගෑවී පවතින්න ආරක්ෂක යාන්ත්‍රණයක් තියෙනවා. ඒ යාන්ත්‍රණය අප්සෙට් වෙලා ගියාම ඔන්න ඔයාටත් ගැස්ට්‍රයිටිස්.
අක්මා රෝග, කොලෙස්ටරෝල සහ සෙම්ප්රතිශායව ඇතුලු අනකුත් ස්වසන ආබද සදහා යකි නාරං හීනටි හාලේ කැඳ
දික් වී, මසුරං, සුදු හීනැටි, ගොඩ හීනැටි පාරම්පරීක සහල් වලින් දියවැඩියාවට කැඳ පානය
Katupila Plant Herbal properties
Katupila is so important to the world because of its medicinal properties. According to Ayurveda, this medicine which is Sharapunkha has a bitter taste and has astringent, astringent and astringent properties. It is cool and has anti-herpes properties. It is also good for cancer due to its antiseptic and hemostatic properties.
Therapies used
Although it is most popular as a treatment for cancer, it is a great tongue medicine used in Ayurveda as a treatment for many ailments.
Katupila has the amazing ability to dissolve the fruit that forms in the uterus of women. Uterine fruits can be cured by using herbs made from katupila leaves, tree karalaheba leaves and other plant extracts. Katupila decoction is also said to cure liver cancer and nuts. In Ayurveda, treatments for cancers of the lower extremities such as the binding of the tree panchanga are used. Katupila is also a proven remedy for intestinal diseases. Drinking a special porridge made from katupila leaves in the morning is an effective treatment for ulcers, ulcers and spots in the intestines.
Porridge made from katupila is also good for all cancers. Katupila is also a good remedy for toothache and worms in young children. It is also used to treat diseases of the spleen and liver.
Due to its antiseptic properties, Katupila is used in Hela Wedaka to treat rat poison and snake venom. Asthma, hemorrhoids, ovarian cancer etc. are also mentioned in the local Ayurveda as treatable diseases with Katupila.
In addition, Katupila has antiseptic and blood cleansing properties. Taking these valuable medicines on the recommendation or advice of a qualified and experienced Ayurvedic doctor will prevent you from developing additional problems.
Flugguea leucopyrus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ ශුෂ්ක ප්‍රදේශ, පහතරට තෙත් සහ වියළි ප්‍රදේශ ආදියෙහි විවිධ වර්ගයන්ගෙන් ව්‍යාප්ත වී ඇති කටුපිල ශාකය, දේශීය ආයුර්වේදයට අනුව පමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාවට අනුකූල විද්‍යාගාර පර්යේෂණ තුළින් ද පිළිකා නාශක ගුණය ඇති බවට විද්‍යාත්මකව සනාථ කර ඇත. මෙම ඔසුව දේශීය වෙදකම තුළ, පිළිකා සඳහා පමණක් නොව තවත් බොහෝ රෝග තත්ත්වයන්හි දී ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබයි.
කටුපිල ශාකය ලෝකයට මෙතරම් වැදගත් වන්නේ එහි ඇති ඖෂධීය ගුණය හේතුවෙනි. ආයුර්වේදයට අනුව ශරපුංඛා වන මෙම ඔසුව තිත්ත රස වන අතර ලඝු, රුක්ෂ, තීක්ෂණ ගුණ ඇත. සිසිල් බවින් යුතු අතර අර්ෂස් වැනි රෝග නිවාරණයට අවශ්‍ය ගුණ ඇත. විෂ නාශක ගුණය සහ රක්ත ප්‍රසාදිනී ගුණය හේතුවෙන් පිළිකා වලට ද ගුණදායක ය.
මෙය පිළිකා රෝගයන් සඳහා ප්‍රතිකර්මයක් ලෙස වඩාත් ප්‍රචලිත වුව ද ආයුර්වේදය තුළ බොහෝ රෝගාබාධයන් සඳහා ප්‍රතිකර්ම ලෙස යොදා ගන්නා මහඟු දිව ඔසුවකි.
ස්ත්රීන්ගේ ගර්භාෂයේ සෑදෙන ගෙඩි දිය කර හැරීමේ විස්මිත ගුණයක් කටුපිල වලට ඇත. ගර්භාෂගත ගෙඩි වලට කටුපිල කොළ, ගස් කරල්හැබ කොළ සහ තවත් ශාක සාර එක්ව තනාගත් ඖෂධ භාවිතය තුලින් සුවයක් ලබාගත හැකිය. එමෙන්ම අක්මාවේ පිළිකා සහ ගෙඩි සුව කිරීමට කටුපිල කෂාය යහපත් බව දැක්වේ. යටි පතුලේ පිළිකා සඳහා ගසේ පංචාංගය ආශ්රයෙන් සකසාගත් ඖෂධ බැඳීම ආදී ප්‍රතිකාරයන් ආයුර්වේදය තුළ භාවිත වේ. කටුපිල බඩවැලේ සෑදෙන රෝග සඳහා ද ප්රත්යක්ෂ ඖෂධයකි. කටුපිල කොළ යොදා සැකසූ විශේෂ කැද වර්ගය උදේට පානය කිරීම බඩවැලේ සෑදෙන ගෙඩි, වණ, තුවාල, ලප සඳහා ප්රත්යක්ෂ ප්‍රතිකාරයකි.
කටුපිල වලින් සාදාගන්නා කැඳ, සියලු පිළිකා රෝග සඳහා ද ගුණදායක ය. එමෙන්ම දත් කැක්කුම, කුඩා දරුවන්ගේ පණු රෝග ආදී රෝගී තත්ත්වයන් සඳහා ද කටුපිල හොඳ ඔසුවකි. ප්ලීහාවේ සහ අක්මාවේ හටගන්නා රෝග සුව කිරීමට ද මෙම ඔසුව යොදා ගනු ලබයි.
මෙහි ඇති විෂ නාශක ගුණය හේතුවෙන් මී විෂ සහ සර්ප විෂ සඳහා ප්‍රතිකාර කිරීමට හෙළ වෙදකම තුළ කටුපිල භාවිත කරයි. ඇදුම, රක්ත අර්ශස්, අණ්ඩ වෘද්ධිය ආදිය ද කටුපිල ඇසුරින් ප්‍රතිකාර කළ හැකි රෝග තත්ත්වයන් ලෙස දේශීය ආයුර්වේදය තුළ සඳහන් වෙයි.
මීට අමතරව කටුපිල විෂබීජ නාශක සහ රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් ද යුක්ත ය. මෙම වටිනා ඖෂධයන් සුදුසුකම් ලත් පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිර්දේශය හෝ උපදෙස් මත භාවිතයට ගැනීම අමතර ගැටළු ඇති වීමෙන් ඔබව වළක්වනු ලබයි.
උදෑසන ආහාරයක් ලෙස කලුහීනැටි, කුරුලුකුඩ, සුවඳැල් සහල් සමග රතු කව්පි, සුදු කව්පි, කොල්ලු, මුංඇට, කඩල සහ කිතුල් පිටි ධන්‍ය වර්ග සහිත කැඳ පානය